පිංකැටය කැඩීමට පැමිණ සොරා පහර කා ගස් බැඳ සිටියදී මිය යයි


මහනුවර පොලිස් වසමේ ගැටඹේ දියකපනා තොට පන්සලේ පින් කැට කැඩීමට පැමිණි සොරෙකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය ගොස් ඇති බව පොලිසිය කියයි .

අද (07) අළුයම් කාලයේ පන්සල් භූමියට පැමිණ ඇති මෙම සොරා පන්සලේ සිටි පිරිසක් දැක ඔහු අල්ලා ගැනීමෙන් පසු ගම්වැසියන් ඔහුට පහර දී ගස් බැඳ තිබේ .

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේ 47 හැවිරිදි පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .

ඔහු යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ ඇති බව පවසන පොලිසිය එම යතුරුපැදියේ එල්ලා තිබූ සුදු පැහැති ආරක්ෂක හිස්වැසුමේ පොලිස් යනුවෙන් සඳහන් කොට ඇති බවද පොලිසිය කියයි .

මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .



Recommended Articles