පෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානයෙන් මාලූ ගෙනෙන සහ එම මධ්‍යස්ථානය සමග ඝෘජු සම්බන්‍ධතා ඇති කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය බලප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ඇති පුද්ගලයින් විස්පස් දෙනෙක් පමණ සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති අතර හෙට (24දා) ඔවුන්ගේ පීසීආර් සාම්පල ගැනීමට නියමිත බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා පැවසීය.
කුරුවිට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පෑලියගොඩ මාලූ වෙළද සංකීර්ණයේ ආරක්‍ෂක සේවයේ නියුතුව සිටින බව පැවසූ වෛද්‍ය කරුණාරත්න මහතා ඔහු සහ ඔහුගේ පවුලේ අය මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති බව කීවේය.
අලෙවිය සදහා කුරුවිට ප‍්‍රදේශයට මාලූ වැඩිපුර ගෙනෙනු ලබන්නේ පෑලියගොඩ මාලූ වෙළද සංකීර්ණයෙන් වන බැවින් එහි සේවයේ නියුතු සහ ආශ‍්‍රිත වැඩි දෙනෙකුට කෝවිඞ් 19 ආසාදිතවී ඇති බව පීසීආර් පරීක්‍ෂණ වලින් තහවුරුවීම නිසා මෙම විසිපස් දෙනා සහ ඔවුන්ගේ පළමුපෙළ ආශ‍්‍රිතයින් නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීවේය.
කුරුවිට ප‍්‍රදේශයේ මාලූ අලෙවිසැල් මෙන්ම ජංගම මාලූ අලෙවිකරුවන්ද මෙම කණ්ඩායමට අයත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.


