පෑනෙන් ඇන්ද ඉරි සිසුන් 14ක් රෝහලට යවයි


බියගම ප්‍රාථමික විද්‍යාලයේ හතරවන ශේණියේ " බී " පන්තියේ සිසු සිසුවියන් 14 දෙනෙකු අද ( 21 වැනිදා ) දහවල්  හදිසියේ අසනීප වී ඇත. 

මෙම  සිසු සිසුවියන්ට කැසිල්ලක් ඇතිවීම මත ඔවුන් බියගම රජයේ රෝහලට ඇතුළත් කර තිබේ. 

 පිරිමි සිසුන් 08 දෙනෙකු හා සිසුවියන් 06 දෙනෙකු මෙසේ රෝහල් ගත කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව  කියති. 

මේ පන්තියේ සිසුවෙකු විසින් පාසලට ගෙන එන ලද කාබන් පෑනකින් එම සිසුන්ගේ ඇගේ ඉරි ඇද තිබෙන අතර  එම ඉරි වතුරෙන් සේදීමෙන් පසුව ඔවුන්ට කැසීම ඇති වි තිබෙන බවට සැක කෙරේ. 

මේ සිද්ධිය  පිළිබඳව  බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා  ප්‍රබෝදනී  , ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත රාජකරුණා හා කාන්තා පොලිස් කොස්තාපල් සෙව්වන්දි ( 7814 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ  පවත්වා ගෙන යති.  

මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ  , බියගම පත්මසිරි රණතුංග හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති 



Recommended Articles