පැහැරගෙන යමින් සිටි මෝටර් රථයක් පොලිස් භාරයට


අම්පාර පදියතලාව ප්‍රදේශයෙන් කාර් රථයක් පැහැරගෙන බිබිල කරාඩුගල ප්‍රදේශයට රැගෙන එන බවට ලද තොරතුරක් මත මාර්ග බාධක යොදා සිදුකල වැටලීමකදී එම කාර්රථය සමග සැකකරුවන් දෙදනෙකු හා  සැකකාරියක් ඊයේ ( 08 ) අත්අඩංගුවට ගත්බව කරාඩුගල පොලිසිය පවසයි.

පදියතලාව පොලිසිය මගින් මොණරාගල කොට්ඨාශ මෙහෙයුම් මැදිරියට ලබාදුන් තොරතුරකට අනුව කොට්ඨාශ මෙහෙයුම් මැදිරිය කරාඩුගල පොලිසිය ඇතුලු අවට පොලිස්ථාන වෙත කරන ලද දැනුම් දිමකට අනුව කරාඩුගල පොලිසිය මෙම වැටලීම සිදුකර තිබුණි.

මෙම වැටලීමේදි අත්අඩංගුවට පත් සැකකරුවන් අම්පාර කැටගොඩ හා මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකාරිනිය දොඩම්ගස්ලන්ද ගිණිහිරිය ප්‍රදේශයේ බවත් අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදනා හා සැකකාරිය සමග පැහැරගෙන ආ බව කියන මෝටර් රථය පදියතලාව පොලිසිය වෙත භාරදිමට නියමිතය.

මොණරාගල නයනජීව බණ්ඩාර



Recommended Articles