පැහැරගත් T56 ගිනි අවි ගණන 3ක් දක්වා ඉහළට


බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර දී  හමුදා සෙබළුන් තිදෙනෙකුගේ ටී 56 ගිනි අවි හා මැගසින්  6 ක් විරෝධතාකරුවන් පැහැර ගෙන ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැල්ලවාය හමුදා කඳවුරේ  ගිනි අවියට සහ මැගසින් 2  අමතරව තවත් සෙබළුන් දෙදෙනෙකු ගේ ගිනි අවි දෙකක් මැගසින්  හතරක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යකඩ පොලුවලින් හමුදා සෙබළුන්ගේ හිසට පහරදී මෙම පැහැරගැනීම  විරෝධතාවේ යෙදී සිටි පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

පැහැරගත්  එම ගිනි අවි සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. වැලිකඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles