පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ උක් ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පාලන අධිකාරිය මඟින් නොගෙවීම ඇතුළු තවත් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් පැල්වත්තේ උක් ගොවීන්,සේවකයින් ඇතුළු සැපයුම්කරුවන් පිරිසක් (21) වෙනිදා බුත්තල නගරයේදී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
රතු සීනි වලට සියයට දහඅටක වැට් බද්දක් අය කිරීම නිසා සීනි මිල ඉහළ යෑමෙන් සීනි අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් මෙසේ ගොවීන්ට සේවකයින්ට සහ සැපයුම්කරුවන්ට දිය යුතු මුදල් ගෙවීම ඇනහිට තිබෙන අතර රජය මඟින් වැට් බැද්ද ඉවත් කරනු,උක් ගොවියා අනතුරේ සීනි කර්මාන්තය රැකගනිමු,රට සීනි රට පුරා අපේ සීනි රැක ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනු,පැල්වත්තත් සෙවනගලත් ඉසාරටද,බඩ ඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනය නතර කරනු,වැට් බද්ධ වහා අහෝසි කරනු,අයිඑම්එෆ් මර උගුලට ගොවියා බිලි නොදෙනු,තොපිටත් බැරිනම් අපිට දියව්,පැල්වත්ත සෙවනගල ඉවරයි ආණ්ඩුව මර නින්දේ,තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට ගොවි කම්කරු කමිටු සම්බන්ධ කරනු යන සටන් පාඨ කියමින් බුත්තල නගරයට පාගමනින් පැමිණි උද්ඝෝෂණකරුවෝ නගර මධ්‍යයේ පැයක පමණ කාලයක් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරතව සාමකාමීව විසිර ගියහ.
මෙම උද්ඝෝෂණයට ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධානය විමල් වත්තුහේවා,එහි මොනරාගල දිස්ත්‍රික් සංවිධායක විමල් රත්නායක යන මහත්වරුන් ඇතුළු පැල්වත්ත සීනි සමාගමේ වෘත්තිය සමිතිය නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.