පැය තුනකදී බස්නාහිර කළ විශේෂ මෙහෙයුම


බස්නාහිර පළාත තුළ පිහිටි හෝටල්, රෙස්ටුරන්ට්, සමාජශාලා හා තැබෑරුම් ආශ්‍රිතව විශේෂ පැය තුනක මෙහෙයුමක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ.

රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී ආයතන 930ක් හා පුද්ගලයින් 5700ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී නිරෝධායන නීති කඩකළ හා වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.



Recommended Articles