පැය 4ට 558ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම


බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (25දා) රාතී 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 4ක් තුළ සිදුකළ මෙහෙයුමකදී බිමත්ව රිය පැදවූ පුද්ගලයන් 558ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙහිදී වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත්තේ බීමත්ව යතුරු පැදි පැදවීම හේතුවෙනි. එම ගණන 391කි. එසේම බීමත්ව ත්‍රි රෝද රථ පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 106ක් අත්ඩංගුවට නෙ තිබේ.

මේ අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් ලබාගෙන ඇති නඩු සංඛ්‍යව 3102කි.



Recommended Articles