පැය 24තුළ බස්නාහිර පළාතෙන් සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට


අද උදෑසන 5.00න් අවසන් වු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලදි මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් ඇතුලු සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පිරිස අතර හෙරෝයින් ළඟ තබාගත් පුද්ගලයින් 134 දෙනෙකු සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 73 දෙනෙකු මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් හතරදෙනකුද සිටියි.



Recommended Articles