පැය 24ට මැතිවරණ පැමිණිලි 123ක්


පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 06 දා පස්වරු 4.00 සිට 07 දා පස්වරු 4.00 දා දක්වා මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

එසේම මේ වන විට සමස්ත මැතිවරණ පැමිණිලි 2207ක් වාර්තා වී ඇති අතර ඉන් එකක් පමණක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙයි.



Recommended Articles