පැය 24ට මැතිවරණ පැමිණිලි 132ක්


පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 08 දා පස්වරු 4.00 සිට 09දා පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් තුළ මැතිවරණ පැමිණිලි 132ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම පැමිණිලි අතර කිසිවක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නොමැත. එසේම 09 දා පස්වරු 4.00 වන විට සමස්ත මැතිවරණ පැමිණිලි 2498ක් ලැබී තිබේ.



Recommended Articles