පැය 24ක් තුළ ලාංකිකයින් 1,308 දෙනෙකු දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අත් කර දී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව තුළ ගුවන් යානා 09 කින් , ගුවන් මගීන් 656 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් අතර සෞදි අරාබියේ දමාම් සිට 76 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ සිට 58 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 52 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 38 දෙනෙකු ද සිටියහ .

මෙම ගුවන් මගීන් සියලුම දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ .

එසේම මෙම කාළසීමාව තුළ ගුවන් යානා 10 කින් ගුවන් මගීන් 652 දෙනෙකු විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 144 දෙනෙකු ද , ඕමානයේ මස්කට් වෙත 112 දෙනෙකු ද සිටින බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles