පැය 24ක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 260ක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ දී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 260 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 13,329 ක් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එසේ වාර්තා වී ඇති රෝගීන් අතරින් 228 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වන අතර , තවත් 32 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් තුළින් වාර්තා වී තිබේ .

අද දින ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් අතර රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 48 දෙනෙකු ද , මහර කොට්ඨාසය තුළින් 45 දෙනෙකු ද , ජා - ඇල කොට්ඨාසයෙන් 30 දෙනෙකු ද , දොම්පේ කොට්ඨාසයෙන් 28 දෙනෙකු ද , වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 27 දෙනෙකු ද , ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 22 දෙනෙකු ද සිටිති .

එමෙන්ම බියගම නිදහස් වෙළෙඳ කළාපයේ සේවය කරන සේවකයින් 04 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම කලාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 451 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් වල සූදානම් කර ඇති ඇදන් 511 න් ඇදන් 464 ක් අද දිනය වනවිට මෙම කොරෝනා ආසාදිත රෝගීන් ගෙන් පිරී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles