පැය 24කදී මගී ගුවන් යානා 16ක් කටුනායකදී හසුරවයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අද (29දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 753 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

 ඒ අතරින් ගුවන් යානා 08 කින් ගුවන් මගීන් 258 දෙනෙකු මෙම කාල සීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම කාලය තුළ ගුවන් මගීන් 495 දෙනෙකු ගුවන් යානා 08 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .



Recommended Articles