පැය 24කදී කටුනායක ගුවන් මෙහෙයුම් 23ක්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (23දා) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා මෙහෙයුම් 23 ක් සිදු කරමින් ගුවන් මගීන් 1,044 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම කාල සීමාව තුළ විදේශ රටවල සිට ගුවන් මගීන් 474 දෙනෙකු ගුවන් යානා 12 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 ඔවුන් සියලු දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබේ.

එමෙන්ම මෙම කාල සීමාව තුළ ගුවන් මගීන් 570 දෙනෙකු ගුවන් යානා 11 මගින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශගත වී තිබුණි.

 



Recommended Articles