පැය 24කදී කටුනායක ගුවන් ගමන් මෙහෙයුම් 22ක්


අද (07දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුල මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගුවන් පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම කාළසීමාව තුළ ගුවන් යානා 13 කින් , ගුවන් මගීන් 1,087 දෙනෙකු පැමිණ තිබුණි .

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 416 දෙනෙකු , ගුවන් යානා 09 කින් විදේශ රටවල් කීපයක් වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.



Recommended Articles