පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයක් දියත උයනේදී


ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ 02 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් මධ්‍යස්ථානයක් අද (02) සිට බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේද ක්‍රියාත්මක වෙයි.

බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේ පැවැත්වෙන එන්නත්කරණ මධ්‍යස්ථානය සතියට දින තුනක් ක්‍රියාත්මක අතර ඒ අනුව සඳුදා , අඟහරුවාදා සහ බදාදා දිනවල මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවා.

 



Recommended Articles