පැය 10ක් පෝලිමේ හිඳ ගෑස් නොමැති වීමෙන් මාර්ගය වසා විරෝධතාවයේ


ගෑස් නොමැතිව පැය 10 ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටීමෙන් උරණවූ ගැස් පාරිභෝගිකයින් පිරිසක් අද (06දා) පස්වරුවේ   පානදුර රන්කොත් විහාරය ඉදිරිපිට මාර්ගය ගෑස් සිලින්ඩර යොදා වසා දමා විරෝධතාවයක නිරත වූහ.

එදින අලුයම 4  සිට පෝලිමේ රැදී සිටි ජනතාවට ගෑස් නිකුත් කිරීම  හෝ නොකිරීම  සම්බන්ධයෙන් කිසිදු අයෙකු ප්‍රකාශයක් ලබානොදීම හේතුවෙන් ඔවුන් මෙසේ මාර්ගය වසාදමන ලද අතර , ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයද ඉබියතුරු දමා වසා තිබුනි .

මාර්ගය වසා දැමීමෙන් කළුතර කොළඹ විකල්ප මාර්ගයේ විනාඩි 30 ක පමණ කාලයක්  දැඩි වාහන තදබදයක් පැවතී අතර , පානදුර දකුණ රථවාහන අංශ නිලධාරීන් පැමිණ වෙනත් විකල්ප මාර්ග වලින් වාහන ගමනාගමනය සිදුකිරීමට කටයුතු කරන ලදී .

සිද්ධිය සැලවීමත් සමගම පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ස්ථානයට පැමිණ ඉක්මනින් විසඳුමක් ලබාදෙන බව පැවසීමෙන් පසු ගෑස්  පාරිභෝගිකයින් විසිර යන අයුරු දැකගත හැකිවිය .

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles