2023 වසරේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම පමාවීම හේතුවෙන් ජනවාරි මාසයේ සිට දෛනිකව පැය 10ක් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (20) මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.
ඒසේම මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බවද අමාත්‍යවරයා පැවැසීය.