පැන්ඩොරා විමර්ශනය ගැන අතුරු වාර්තාවක් ජනපතිට


පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ  මියාවන තිරුකුමාර් නඩේෂන් මහතා ​සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම පරික්ෂණය ආරම්භ කළේය. එම පරීක්ෂණය අනුව තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ප්‍රකාශයක්ද ලබාදුන්නේය. අතුරු වාර්තාව ලබාදුන්නද ඒ පිළිබඳව විමර්ශන අඛණ්ඩව ඉදිරියට යයි. 



Recommended Articles