පැතුම් අයි.සී.සී. සම්මානයකට නිර්දේශ වෙයි


2024 පෙබරවාරි මසට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රි ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක නිර්දේශ වී තිබේ.

ඇෆ්ගනිස්ථානය සමග පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියේදි ඔහු දැක්වූ දක්ෂතා අනුව මෙම සම්මානය සඳහා ඔහු නිර්දෙශ වී තිබේ.

ඔහුට අමතරව ඉන්දියාවේ යසස්වී ජයිස්වාල් හා නවසීලන්තයේ කේන් විලියම්සන් මෙම සම්මානයට නිර්දේශ වී තිබේ.‍ෙ



Recommended Articles