පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කින් සිදුවීම් 09 කට අදාළව සැකකරුවන් 32 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ, නීතිපතිවරයා විසින් කෑගල්ල, මහනුවර, පුත්තලම, කොළඹ සහ කුරුණෑගල යන මහාධිකරණවල මෙම නඩු පැවරීම් සිදු කරනු ලැබ ඇති බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව සාකච්ඡා පවත්වමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉතිරි සිදුවීම් 8ට අදාළව නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ඒ අනුව එම පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම එකී සිදුවීම් 8 සම්බන්ධයෙන් ද නීතිපතිවරයා නඩු පවරනු ඇති.

