පාස්කු ප්‍රහාරයකයන්ට නීත්‍යානුකූල ව්‍යාපාරවලිනුත් මුදල් ලැබිලා


පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ ඇතැම් නීත්‍යානුකූල ව්‍යාපාරවලින්ද මුදල් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

එසේම නීතිවිරෝධී ව්‍යාපාර මෙන්ම විදේශීය තහනම් කළ සංවිධානවලින්ද ඔවුන්ට මුදල් ලැබී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිදුකළ ඇතැම් නිෂ්පාදන නීති විරෝධී ආකාරයට විදෙස් රටවලට ආනනය  කිරිමෙන් ලබාගත් මුදල්ද ත්‍රස්ත කටයුතුවලට යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles