පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව රාමඤ්ඤ, අමරපුර මහ නා හිමිවරුනට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගැන්වේ.

රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන් වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත ඊයේ (04) පස්වරුවේ සහ අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක හිමියන් වැඩ වෙසෙන කෑගල්ල, ගන්තුන උග්ගල පුරාණ විහාරය වෙත අද (05) පෙරවරුවේ ගිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා  විසින් උන්වහන්සේ වෙත වාර්තා පිළිගන්වනු ලැබීය.



Recommended Articles