පාර්ලිමේන්තුව එළඹෙන 19 වැනි අගහරුවාදා සිට 22 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර 19 වැනිදා සහ 20 වැනිදා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
සැප්තැම්බර් 19 වැනි අගහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතය. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා සහ 22 සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

