පාසලේ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී සිසුවිය මැරුණාට විදුහල්පතිට පහරදුන් තිදෙනා අල්ලයි


ග්‍රෑන්ඩ්පාස්  වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකළ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී එම පාසලේ දැරියක් මිය යාමේ  සිද්ධියත් සමඟම එහි විදුහල්පතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .

පහර කෑමෙන් තුවාල ලබා කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී  විදුහල්පතිවරයා ඉකුත් 17 රෝහලෙන් පිටව ආ බව පොලිසිය සඳහන් කළේය

ඉකුත් 15  වැනි දින  ජල කරාම සවි කරන ලද බැම්ම කඩා වැටීමෙන් වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හය හැවිරිදි දැරියක් මරු මුවට පත් වී තවත් පස් දෙනෙකු තුවාල ලැබීය.

 

 



Recommended Articles