පාසල් හා පෙර පාසල් ළමුන් ප්‍රවාහනයට ‌විශේෂ වැඩපිළිවෙලක්


පාසල් විවෘත කිරිමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරිම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මහනුවර ප්‍රදේශයේදි ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාසල් පාලිකාවන් යොදාගනිමින් එම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරිමට නියමිත බවයි.



Recommended Articles