පාසල් සිසුවියක් හා තරුණයෙක් සිය දිවි නසාගෙන


කරන්දෙණිය පෙහෙඹියාකන්ද ප්‍ර දෙශයේ කොස් ගසක ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබූ පාසල් සිසුවියකගේ හා තරුණයෙකුගේ සිරුරු දෙකක් සොයා ගත් බව පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ අවුරුදු 16ක් වන පාසල් ශිෂ්‍යාවක් හා අවුරුදු 20ක් වන තරුණයෙකුයි. ඔවුන් දෙදෙනා පෙහෙඹියාකන්ද ප්‍ර දේශයේම පදිංචිකරුවන් වෙයි.

මෙසේ මිය ගිය දෙදෙනාට ප්‍රේම සම්බන්ධයක් තිබි ඇති බව කරන්දෙණිය පොලීසිය කියයි. මෙය සිය දිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත



Recommended Articles