පාසල් සිසුවාට වෙඩි තැබු වෛද්‍යවරයා රිමාන්ඩ්


මහරගම  ඇරැව්වල ධර්මපාල  විදුහල්  ක්‍රීඩාංගණයේදී 17  හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වැනිදා දක්වා රිමාන්ඩ්  භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය .

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ පන්නිපිටිය ඇරැව්වල පදිංචි මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකි.

තුවාල ලද සිසුවා  කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

 



Recommended Articles