පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට රුසියාවෙන් රු.කෝටි 110ක්


ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් රුසියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (රුපියල් කෝටි 110ක් පමණ) ලෝක ආහාර වැඩසටහන වෙත ලබා දි තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම මුදල් දෙසැම්බර් 25 දා ලබාදී ඇති බවයි. තිරසාර සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව හා පවතින සබඳතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම මුදලා ලබාදුන් බව තානාපති කාර්යාලය පවසයි.

 

 

 



Recommended Articles