පාසල් සඳහා පනවා තිබු සිමාවන් ඉවත් කිරිමට පියවර


කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංසය සඳහන් කළේය.

පසුගිය 10 වනදා දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

කෙසේවෙතත් ලබාදී ඇති සෞඛ්‍ය  නිර්දේශ යටතේ පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාව පවතින්නේ නම් සාමාන්‍ය ආකාරයට සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.



Recommended Articles