පාවහන් තිළිණ පත්වල කාලය දිගු කරයි


පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය  දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව 2024. 02. 01 දින දක්වා මීට පෙර සටහන් කර තිබූ වලංගු කාලය  2024. 02. 17 දින දක්වා දීර්ඝ කර ඇති බව පාවහන් සැපයුම්කරුවන් හා ජනතාව වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

 



Recommended Articles