පාරිභෝගික පැමිණිලි දැනුම්දෙන්න දුරකථන අංකයක්


දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ, මේ දිනවල ලැබෙන දෛනික පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවන බවයි.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ, අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කළ භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සහ ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය ප්‍රකාශ කළේ ය.

එම අධිකාරිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කර ඇති අතර, අයථා ලෙස ඩිලිවරි ගාස්තු අය කිරිම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, පවතින ගැටලු සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන්නැයි, ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

 



Recommended Articles