පාරිභෝගික කටයුතු පිළීබඳ පනත සංශෝදනය කරයි


පාරිභෝගික කටයුතු පිළිබඳ දැනට පවතින 2003 අංක 9 දරණ පාරි‌භෝගික කටයුතු පිළිබඳ පනත සංශෝදනය කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

 මෙම පනත වසර 20 කට ආසන්න කාළයක් පැරණී බවත් ඒ් අනුව මේ වන විට ඒහි හිඩැස් ඇති වී ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය.

 පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ඇති මෙම පනත මගිනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී මේ වනවිට පාරිභෝගිකයාට විවිධ නෛතික ගැටළු ඇති වීමත් සලකා බලා මෙම පියවර ගත් බව හෙතෙම පැවසීය.



Recommended Articles