පාර්ලිමේන්තුවේ සංස්කෘතිය සමග ඉදිරියට යා නොහැකියි


වර්තමානපාර්ලිමේන්තුවේ පවතින සංස්කෘතිය සමග ඉදිරියට යා නොහැකි බවත්, ඒ අනුව පාර්ලිමේන්තු සභාවක් නිර්මාණය කිරීමට යෝජනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ නව වැඩසටහනක අවශ්‍යතාවය තිබෙන බව අද (17දා) පාර්ලිමේන්තුවේද අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරයෙන් ඉදිරි සතික කාලයක් කටයුතු කරන්නේ නම් ඊළග වාරයේදී අපිට එන්න පාර්ලිමේන්තුවක් නොමැති වන බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

"මම අද පොලිස්පතිතුමාට කතා කළා. මම කිව්වා පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය පැන නගිනවා, කරැණාකරලා මට කියන්න මොකක්ද තත්ත්වය කියලා. එහිදී කිව්වා නීතිපතිතුමාගේ නියෝග ලැබිලා තිබෙනවා, ඒ අනුව එතුමා ක්‍රියා කරනවා කියලා. මම යෝජනා කළා ඒ ගැන කථානායකතුමාට වාර්ථා කරන්න කියලා.

මම හිතන්නේ හොඳම එක තමයි දවස් දෙකෙන් දෙකට හෝ තුනෙන් තුනට ඔබතුමාට ඒ ප්‍රගතිය වාර්ථා කරන එක. ඉතින් මේ රෑකඩය කියන්න කැමතියි ඔබතුමාට. ඊළගට අපි කාරණා කිහිපයක් මතක තියා ගන්න ඕනී. ගෝල්ෆේස් පිටියේ වුණු සිද්ධිය මම හෙළා දැකලා තිබෙනවා. මේ වෙලාවේ මේ සභාවේ කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලවද? මේ පළවෙනි සැරේ නියෝජ්‍ය කථානායක තේරීමේදී මගේ සම්බ්න්ධයක් තිබුණේ නෑ.

මම එවෙලේ පොරොන්දු වෙලා තිබුණා රංජිත් සියඹලාපිටිය මහතාට මගේ ඡන්දය දෙනවා කියලා. එතන වුණු අවුල මොකක්ද කියලා විපක්ෂනායකතුමයි සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීතුමයි කථා කරද්දි හෙළි වුණා. මෙකෙදී තිබුණු සාකච්ඡාවෙදිත් මට කතා කරේ නෑ. එහෙනම් මම කියනවා එක්කෙනෙක් තෝර ගන්න කියලා.

මම කැමතියි කාන්තාවක් තෝර ගන්නවාට. අන්තිම කාන්තාව මේ රටේ සෙනෙට් සභාවේ නියෝජ්‍ය කථානායක ලෙස සිටියේ මගේ අම්මගේ නැන්දම්මා වන ඇඩ්ලින් මොලමුරේ. ඉන්පසු කවුරැවත් මේ තනතුරැ වලට ඇවිල්ලා නෑ. කෙසේ හෝ මේ සභාවේ ඒක ඉෂ්ඨ වුණේ නෑ. මේ එකකටවත් මම හිටියේ නෑ. ඇත්ත වශයෙන්ම සියල්ලන්ම කියන්නේ මම තනි පක්ෂයේ අගමැති කියලා. විපක්ෂයටත් මට සහභාගී වෙන්න බෑ. ආණ්ඩු පක්ෂයේ රුස්වීම් වලටත් මම සහභාගී වෙලා නෑ. මම අර පාලමෙන් පටන් ගෙන මොන පැත්තේද ඉන්නේ කියලා දන්නේවත් නෑ.

අද මේ පාර්ලිමේන්තුවට තර්ජනයක් වෙලා තිබෙනවා. එක මන්ත්‍රීවරයෙක් මරමුවට පත්වෙලා තිබෙනවා. අපේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, එදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන එකට විරැද්ධව අපි එක්ක එකට වැඩ කළා. එතුමාට අද ගහලා තිබෙනවා. ඒක නිකන් සිදුවුණු එකක් නෙවෙයි කියලා මට දැන් ආරංචි වෙලා තිබෙනවා. ගෙවල් ගණනාවකට ගිණි තියලා තිබෙනවා.

ගාල්ලේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමාගේ ගෙදරටත් ගිණි තිබ්බා, චන්දිම වීරක්කොඩිගේ ගෙදරටත් ගිණි තිබ්බා. ඒ විතරක් නෙවෙයි විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ගෙදරටත් ගිණි තිබ්බා. මෙතන මොකක්ද වුණේ කියලා හොයලා බලලා කාගේ හරි ගෙයක් ගිණි තිබ්බට කමක් නෑ. ඒ ගැන හොයන්න ඕනී. මුලු පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරැන්ට මේ පැත්තේ හිටියත් ඒ පැත්තේ හිටියත් මේ සෙල්ලම දැන් යනවා. තමන්ට කැමති නැතිනම් කවුරැ හරි ඇවිල්ලා ගෙවල් ගිණි තියන්න පුලුවන්. ඒ නිසා ඒකට සහන දෙන වැඩසටහනක් තියා ගමු.

අපි අතර වෙනස්කම් තිබෙන්න පුලුවන්. මම මෙතනට ආවා කියලා සමහර අය හිතනවා ඇති මම පාවලා දුන්නා කියලා. මගේ කාරණය මම එතන කිව්වා. මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕනී. අපි ඒක කරන ගමන් තව එකක් තිබෙන්න ඕනී. මේ පාර්ලිමේන්තුවට ඇයි ජනතාව දොස් කියන්නේ? අපි මේ සංස්කෘතිය වෙනස් කරමු. අවාසනාවකට ඒ සංස්කෘතිය අදත් තිබුණා උදේ.

මම කියන්නේ පාර්ලිමේන්තුවේ සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනී. ඒ නිසා පළවෙනි පියවර ලෙස මේ පාර්ලිමේන්තුවේ දේශපාලන මණ්ඩලය, නැතිනම්  ජාතික සභාව ඇති කරන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. එකඟ වෙන්න පුලුවන් ඒවගෙදී එකඟ වෙන්න. එකඟ වෙන්න බැරි වෙලාවේදී අපි සාකච්ඡා කරලා අපි පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුව බෙදෙනවා නම් ඡන්දය දෙමු, නැතිනම් ඡන්දය දෙන්නේ නැතිව විසඳන්න බලමු. මේ අවස්ථාවේදී දෙපැත්තෙන්ම එකක් මතක තියා ගන්න ඕනී.

මේ සංස්කෘතිය නැති කරන්න ඕනී. මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග අපිට ඉදිරියට යන්න බැහැ. මේ පැත්තෙන් කෑ ගහනවා, ඒ පැත්තෙන් කෑ ගහනවා. පුලුවන්ද මේක කරන්න? රට කියනවා අපිව අවශ්‍ය නෑ කියලා. අපි මේක හදාගමු. ඒක නිසා තමයි පාර්ලිමේන්තු ජාතික සභාව හදන්න කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ හැසිරීම පිළිබඳ අපිට අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් අලුත් වැඩසටහනක්. එන සතියේ මම ආර්ථිකය ගැන කතා කරනවා. මම ඉල්ලන්නේ දෙපැත්තෙන්ම අපි මේක වෙනස් කර ගමු. අපේ ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු." යනුවෙන් සඳහන් කළේය.



Recommended Articles