පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් හිස්ව ඇති බව මැතිවරණ කොමිෂමට දන්වයි


අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා 2024 පෙබරවාරි  මස 26 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.



Recommended Articles