පාර්ලිමේන්තුවේ කටයුතු පැයකට සීමා වෙයි


පාර්ලිමේන්තුවේ සභා කටයුතු  අද (08දා) දිනයේදී පැයක කාලයකට  සීමා විය.

ලබන 23 දා දක්වා සභාව කල්තැබුණු අතර අද දිනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ බොහෝ කටයුතු එදිනට සළකා බැලීමට නියමිතය.

ඒ සඳහා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට යොමුකර ඇති ප්‍රශ්න කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් අනුව වෙනත් දිනකට යොමුකරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.



Recommended Articles