ශ්‍රිලංකා පාර්ලිමේන්තු විසින් කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමෙන්තු කාර්යමණ්ඩලය, සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා ආහාර හා නිල ඇදුම් වෙනුවෙන් පසුගිය වසර පහක (2020-2024) කාලය තුලදි රුපියල් අසුනමකෝටි, හතලිස්ලක්ෂ, දහතුන්දහස්අටසිය හැටතුනක (894,013,863) මුදලක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සිදුකරණු ලැබු විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
මින් වැඩිම මුදලක් වැයකොට ඇත්තේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සදහා වන අතර එම මුදල රුපියල් අසුහත්කෝටි, තිස්හත්ලක්ෂ, තුන්දහස්දෙසිය අනුහතරකි. (873.703,294) මෙම කාලය තුලදි කථානායකවරයාගේ කාර්යාලය සදහා ආහාර හා නිල ඇදුම් වෙනුවෙන් රුපියල් එක්කෝටි,හත්ලක්ෂදාසයදහස්,නමසියහැත්තැනමයක,මුදලක් (10,716,979) වැයකොට තිබුණි.මන්ත්‍රිවරුන්ගේ ආහාරපාන සදහා මෙම කාලය තුලදි වැයකොට ඇති මුදල රුපියල් අනුපන්ලක්ෂ,අනුතුන්දහස්පන්සිය අනුවකි. (9,593,590)
2025 වර්ෂයේ දි පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදි ගැනිම සදහා රුපියල් විසිහතරකෝටි,හැත්තෑලක්ෂ,හතලිස්නමදහස් දහයයි ශත අටක මුදලක් වැයකොට තිබුණි. (247,049,010.08) පානිය ජල බෝතල් මිලදි ගැනිම සදහා වැයකොට ඇති මුදල රුපියල් විසිදෙලක්ෂ,හැත්තැඅටදහස් හත්සියපනස්අටයි ශත දොළහකි. (2,278,758.12)
පාර්ලිමේන්තුව තුල භෝජනාගාර හතරක් ක්‍රියාත්මක වන අතර පාර්ලිමේන්තු රැස්විම නොපැවැත්වෙන සාමාන්‍ය දිනකදි පුද්ගලයින් 1200ක් සදහා සහ පාර්ලිමේන්තු රැස්විම් පැවැත්වෙන දිනයන්හි දි පුද්ගලයින් 1800ක් සදහා සාමාන්‍ය යෙන් දිවා ආහාරය සැකසිම සිදුවේ.

