පාර්ලිමේන්තුවට සී.සී.ඩී යයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  නිවාස ඇතුළු දේපළවලට කලහාකාරී පිරිස් විසින් හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්  කණ්ඩායමක් ඊයේ (23දා) පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා වේ. 

මෙහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්  ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබේ.

මැයි මස 9 වෙනිදා කලහාකාරී සිදුවීම් වලින්  මන්ත්‍රීවරුන් හැත්තෑ පස් දෙනකුගේ පමණ නිවාස ඇතුලු දේපළ හානියට පත්විය.

 



Recommended Articles