පාර්ලිමේන්තුවට පත්වූ නවකයින් 7කට රාජ්‍ය අමාත්‍යධුර


අද පෙරවරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනා අතරින් 7 දෙනෙකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ප්‍රථම අවස්ථාවට වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන මෙන්ම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිසි නාලක ගොඩහේවා, රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර, ජීවන් තොණ්ඩමාන් හා ශෂේන්ද්‍ර රාජපක්ෂ එසේ මෙවර පළමු අවස්ථාවේදිම පාර්ලිමේන්තුවට පිවිස රාජ්‍ය අමාත්‍යධුර හිමිකරගත් අය වෙති.



Recommended Articles