පාර්ලිමේන්තුව රැස්වන වෙලාවේ වෙනසක් - කෝප් කමිටුවත් අද රැස්වෙයි


අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතය. පාර්ලිමේන්තුව පස්වරු 4.30ට අවසන් වීමට නියමිත අතර කල් තැබීමේ විවාද පැවැත්වෙන දිනවලදී පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර අද පස්වරු 2.30ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් “කෝප්“ කමිටුවේ පළමු රැස්වීමද අද පැවැත්වීමට නියමිත අතර එහිදී කෝප් කමිටුව සඳහා  නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ.



Recommended Articles