විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත බවත් එම පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තමන් එම යෝජනාව අනුමත් කරන බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.
— Karu Jayasuriya (@KaruOnline) April 30, 2020