පාර්ලිමේන්තුව දෙවන දිනටත් රැස්වෙයි


කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ අද (20) දෙවන දිනටත් පාර්ලිමේන්තුව පැවැත්වේ.

මෙම සතිය තුළ දින දෙකකට පමණක් පාර්ලිමේන්තු කටයුතු සීමා කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී තීරණය කෙරුණි.

ඒ අනුව ඊයේ (19) දිනයේ දී පාර්ලිමේන්තුව පැවති අතර අද දිනයේ ද සුපුරුදු පරිදි උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

උදෑසන 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකෙරෙන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

 



Recommended Articles