පාර්ලිමේන්තුව අසල විරෝධතාවේදී කඳුළු ගෑස් 429ක් උස්සලා


පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය (පොල්දූව වටරවුම) අසල පසුගියදා විරෝධතාවේදී  කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසින් පොලිසිය සතුව තිබූ කදුළු ගෑස් උණ්ඩ හා කඳුළු ගෑස් බෝම්බ 429ක ප්‍රමාණයක් පැහැරගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙහිදී පැහැරගෙන ඇත්තේ කඳුළු ගෑස් උණ්ඩ 340 ක් සහ කඳුළු ගෑස් බෝම්බ  89 ක් බව වාර්තා  වේ.

විරෝධතාකරුවන් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක ප්‍රමාණයක් නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගත්තේය. අනෙක් කඳුළු ගෑස් උණ්ඩ සහ කඳුළු ගෑස් බෝම්බ සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ .



Recommended Articles