පාර්ලිමේන්තුව අද (17දා) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. ඊට පෙර පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ කමිටු අංක 02හි එම රැස්වීම පැවැත්වෙයි.
මෙම සතියේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.
මේ අතර අද පාර්ලිමේන්තුව ආරම්භයේදි නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා ගැනීම සිදුකළ යුතු වෙයි. ඒ සඳහා සමගි ජන බලවේගයේ රෝහිනී කවිරත්න මහත්මියගේ නම යෝජනා කිරීමට එම පක්ෂය තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අජිත් රාජපක්ෂ මහතාගේ නම යොජනා කර තිබේ.
මේ අනුව නියෝජ්‍ය කථානයක ධුරයට නම් දෙකක් යෝජනා කර ඇති හෙයින් අද දිනයේදීද පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
මීට අමරතව ජනාධිපතිවරයාට එරෙහිව පාැර්ලිමේන්තුවේ අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව සඳහා වන විවාදය අද පෙරවරුවේ සිට පැවැත්වෙන අතර පසුව එම යෝජනාව සඳහා ඡන්ද විමසිමක් පැවැත්වෙයි.