පාර්ලිමේන්තු සංකිර්ණයේ අද විශේෂ රැස්විමක්


මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද  පස්වරුවේ රැස්වෙයි.

ඒ, එම කාරක සභාවේ සභාපති, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

කාරකසභාව හමුවට අද දිනයෙ පැෆ්රල් සංවිධානය කැඳවා තිබෙනවා. එහිදී එම සංවිධානය විසින් මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා සිය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



Recommended Articles