පාර්ලිමේන්තු වටරවුමේදී අත්අඩංගුවට පත් පිරිසට ඇප


පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවක නිරතව සිටියදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් 13 දෙනා ඇප මත මුදා හැරිමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පාර්ලිමේන්තුව රැස්වීමට එක්වන මන්ත්‍රිවරුන්ට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරතව සිටියදී අද දහවල් අත්අඩංගුවට ගැණින.

විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන ලෙසත් මොවුන් ඉල්ලිමක් කළේය. කෙසේ වෙතත් එම පිරිස අත්අඩංගුවට ගැනිමට යාමේදී නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිවිය.

 



Recommended Articles