පාර්ලිමේන්තු රැස්වීම් දින 3කට සීමා කෙරේ


පාර්ලිමේන්තු රැස්වීම්  දින 3 කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙනි.

ඒ අනුව පාර්ලිමේන්තුව ලබන සතියේ  4, 5 සහ 6 දිනවල රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (30දා) පෙරවරුවේ රැස් විය.



Recommended Articles