පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වු දෙදින වැඩමුළුව අද ආරම්භ වෙයි


නව  වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරුන් සඳහා සංවිධාන කළ දෙදින වැඩමුළුවක් අද පෙරවරුවේදි  ආරම්භ වුණි.

මෙම වැඩමුළුවේ සමාරම්භක උත්සවය පැවැත් වුණේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වි සිටින සියලූ මන්ත‍්‍රීවරුන්ට මෙම දෙදින වැඩමුළුව සඳහා සහභාගි වන ලෙස  ආරාධනා කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ. 

වැඩමුළුවේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳව විශේෂයෙන් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේ. ඊට අමතරව පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් සහ පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිබඳව මන්ත‍්‍රීවරුන් දැනුවත් කෙරෙනවා.



Recommended Articles