පාපන්දුව හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව හමුවට


ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව හමුවට කැඳවන රාජ්‍ය ආයතන පිළිබඳ පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවා තිබේ.  

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු පළමු සතිය තුළදී පැවැත්වීමට නියමිතය.



Recommended Articles